Total Pageviews

Friday, September 18, 2015

මේ මොහොත හෙට උදා නොවිය හැක



ගතවන හැම මොහොතකම
ජීවිතය වෙනස් වෙමින් තිබේ
ගෙවෙන සෑම තත්පරයක්ම
ගෙවෙන සෑම මොහොතක්ම



උපරිමයෙන් ජීවත් වන්න
මන්දයත්
මේ ගෙවෙන මොහොත
හෙට උදා නොවිය හැක

මුළුමනින්ම ඔබට පෙම් කරන  හදවතක් මුණගැසුණි නම්
සැබවින්ම ඔබ වාසනාවන්තය
එවැනි ප්‍රේමාන්විත හදවත් ලොව ඇත්තේ අතලොස්සකි
එවැනි හදවතක්
ඔබෙන් ගිලිහී යාමට
කිසිදා ඉඩ නොතියන්න
මන්ද
ඒ සුන්දර හදවත
හෙට ඔබ ලග නැති විය හැක


ඔබේ සිත ඇඳි රුව
ඔබේ ඇස මායිමට සමීප වුනොත්
ඒ රුව ඔබෙන් ගිලිහීමට
ඉඩ නොදෙන්න

සිහි තබාගන්න
මේ මොහොත
මේ කතාව
හෙට උදා නොවිය හැක..



LIVE THIS MOMENT
ENJOY THIS MOMENT


ALWAYS THINK..
THAT THIS IS YOUR FINAL DAY
ON EARTH…

THE UNBORN DAY
CAN BE NEVER BORN
SO..........
FEEL THIS MOMENT



ප්‍රේමාන්විත හදවතක උරුමය



සෑම ප්‍රේමාන්විත හදකටම....
සිනහවද උරුමය...
කඳුලද උරුමය....
හිමිවීමද අහිමිවීමද  උරුමය....

ලොවට හොරෙන්
හුදකලාවේ සුසුම් ලෑමට...
ගොම්මන හා අලුයම අතර
හෝරාවන් උරුමය...

ප්‍රේමය....
සිහිනයන් වැඩී දළු ලන
සුවඳ මල් යහනාවක් නොව...
නමුත්....
වල්මත් වූ හද ගැස්මක්
නැවතිය හැකි බලවේගයක්
තිබිය හැකිද මෙලොව ?

විටෙක සවිමත්ය...
විටෙක දුර්වලය....
විටෙක අවදියෙන්ය...
විටෙක මියදෙමින්ය....

සොඳුරු වූ එක්වීමක්....
අහිමි වූ තැන
මිය යාම සැපතක් ය....
ප්‍රේමාන්විත හදවතක
හැගීම් එවැනිය.....

තවකෙකු සනසමින්
සියලු දුක් සන්තාප
තමන් වෙත ගෙන විඳ දරා ගැනීමට...
මූල බීජය....
ප්‍රේමය නොවේ නම්...
අන් කවරක් ද ?
පණ නල පවා .
පුද කරන තරමට
මේ ආදරය උන්මන්තකය.....

වරෙක හඩ නගනු ඇත
වරෙක නිහඩව හිදිනු ඇත
ඒ ප්‍රේමයේ අවධීන්ය.........
විරහවේ වේදනාව වුවද
විද දරා ගැනීමට සුදානමෙන්
අත් හැරීමට හේතු කොපමණ වුවද
අත් නොහැරීමට හේතු සොයන්නේ
ප්‍රේමය නිසාමය......
උරුමය නිසාමය...........

අස්ථීර බව දැන ගෙනම
ස්ථීර කල පෙමක
මහිමය එයයි....

සෑම ප්‍රේමාන්විත හදවතක්ම එසේය






අසම්පූර්ණ පෙම් කව


ගතින් අප කෙතරම් සමීප වුවද...

අපගේ දුරස් බවේ...
අඩුවක් නොවුනි.........
අපේ පෙම් කව
අසම්පූර්ණ විය........

පොලෝ තලය සැමවිටම
අහස් කුස සිප නොගනී...
සැබෑ ප්‍රේමය ද එසේය....
සෑම ප්‍රේම වෘතාන්තයක්ම
ගමනාන්තය තෙක් නොපවතී....

ඔබ මා සමීපයේ සිටි විට
මුළු ලොවම දෙව් ලොව සමය...
කළු සුදු සිතුවම වර්ණයන්ට හැරවිණි....
අදුරු  වූ කුටියට  හිරු කිරණක් මෙන්
ඔබ මගේ ජිවිතයට එබීකම් කළේය....
 

කාලයේ වැලි තලාවේ
මා ඔබේ නම සටහන් කලෙමි...
ඔබේ සුවඳ ඔස්සේ
මා ඔබ සොයා පැමිණියෙමි....
ආපහු හැරෙන්නට බැරි තරමේ
දුරක් මා පැමිණ ඇත...
නමුත් අපේ පෙම් කව අසම්පූර්ණය....

සුර පුරය ඇත්තේ මෙහි පමණක් ම නම්
ඔබ සුර දූතියක් නොවුයේ කෙසේද ?
ඉර හඳ ඇත්තේ මෙහි පමණක් ම නම්
ඔබ මෙසේ මා දකින්නේ කෙලෙසද ?

ඔබ වෙනුවෙන්
මා කල්ප ගණනක් පෙරුම් පිරුවෙමි....
පිපාසිත වූ හදවත
ප්‍රේමයෙන් සනසාලන්නට
ඇයි තවත් ප්‍රමාද
අපේ මේ පෙම් කව
සම්පූර්ණ වන්නේද ?

මේ පිපාසිත ගමන
නැවතුමකට ලගා වනු ඇත.....
අපේ අසම්පූර්ණ වෘතාන්තය
සම්පූර්ණ වනු ඇත
දිනෙක, ක්ෂ්තිජයේ කෙළවරක
අහස පොලොව කරා පැමිණෙනු ඇත....
දෙලොව එක්වෙනු ඇත...

මේ පෙම් කව සම්පූර්ණ වනු ඇත....

Tuesday, September 8, 2015

මේ මිහිපිට උපන් හැමටම... ආදරය හිමි නොවේ.. ජීවතුන් අතර සැබෑ ආදරය හිමි අයවලුන්.. සැබවින්ම වාසනාවන්තය...



පැවසීමට ඇත්තේ වචන දෙකකි
නමුත් එය එකම කතාවකි
එහෙනම් ඇයි අප අතර
මේ වගේ දුරස් බවක්...



පවසාගත නොහැක..
පවසා නොසිටීමට ද  නොහැක..
අපේ මේ අසරණකමට ..
කෙසේ නම් හේතු ගෙන එමිද ?

මා තුල ඔබත් ..
ඔබ තුල මමත්..
මම වෙනුවෙන් ඔබත්..
ඔබ වෙනුවෙන් මමත් ...
මෙසේ හදවත් දෙකක් ලංවනුයේ..
ආත්මගත බැදීමකිනි..

මේ මිහිපිට උපන් හැමටම...
ආදරය හිමි නොවේ..
ජීවතුන් අතර සැබෑ ආදරය හිමි අයවලුන්..
සැබවින්ම වාසනාවන්තය...
ජීවිතය තුල මේ වසන්තය ලද්දාවුන්...
අතිශය වාසනාවන්තය...

ආදරයක් නොමැති වූ තැන..
ජිවිතයේ අරුත කීම..
කෙසේ නම් අදහමිද ?..
ප්‍රේමයෙන් තොරවූ බැදීමක්..

සියලු සොම්නස් මා ලැබුවේ ඔබ තුලින්ය..
ප්‍රේමයේ හැම හැගීමක්ම...
මා ලැබුවේ ඔබ තුලින්ය...
සියල්ල පරිපූර්ණ වීමට ඉතිරිව ඇත්තේ ..
අපගේ එක්වීම පමණි..
එසේ නම් මෙලෙස පිටස්තරයන් සේ විසීමේ....
ඵලය නම් කුමක්ද ?

නුඹ ආදරයයි...
මගේ සදාදරණීය යයි...
ඔබ හා ගෙවෙන හැම මොහොතක්ම...
ප්‍රේමනියයි... වන්දනීයයි....

හදවත් එකිනෙක මුණ ගැසී අවසන්ය
එසේ නම් ඇයි මේ දුරස් බවක්...
එන්න ඇවිත් පවසන්න
නැතිනම් මට මුල පිරීමට ඉඩදෙන්න...
කවදා වනතෙක් මේ හැඟුම්

සගවාගෙන සිටිම්ද ?

Thursday, August 27, 2015

අයාලේ ගිය මටද අයෙක් හමුවුණි..

මගේ ජීවිතය සොයන්නාවූ
එකම නවාතැන මෙය ද ?
මගේ හදවතේ එකම පැතුම
මේ ගමනාන්තයම වන්නේ ඇයිදැයි
මට නොවැටහේ...

නැවුම් හැඟුම් මා සමීපයට පැමිණෙමින් තිබේ..
ඒ මොකක් නිසාදැයි මම නොදනිමි..
මෙහි අවසන් ඵලය මට වටහාගත නොහැක..
නව බලාපොරොත්තු මා සිතේ මෝදු වේ...
අවසානයේ යමෙක් මා පිළිගෙන ඇත..

විටෙක එය..
ආත්මයම සනසාලන කවියෙකුගේ අලංකාර කවියකි..
අයාලේ ගමන් ගත් අයෙකුට නවාතැනක් හමුවූවා මෙන්...
මටද අයෙක් හමුවුණි..
වස්සානයේ විකසිත උදෑසනක් මෙන්...
ග්‍රීස්මයේ උණුසුම් දහවලක් මෙන්...
නිදැල්ලේ සිටි මට ද..
අයෙක් මුණ ගැසුණි...
 
මා කඩා වැටෙමින් සිටියෙමි..
ඇය මට වැටෙන්නට නොදී අල්ලාගත්තාය...
අඳුරු අහස තරු එළියෙන් දීප්තිමත් වන ලෙස...
මගේ අඳුරු දිවියද...
ඇගේ හමුවීම සමග ආලෝකමත් විය...

සියලු වේදනාවන් දැන් මට අමතකය...
මා කෙරෙහි ඇයගේ බලපෑම එතරම්ය...
ජීවිතය ජීවත් වන අයුරු...
ඇය මට කියාදෙමින් සිටී..
මා හදේ වූ තුවාලය...
ඇය ප්‍රේමයෙන් සුවපත් කරමින් සිටී..

ඇගේ සිනහව මා පුබුදුවාලයි..
ඇයගේ හද සයුරේ සැගවුණ අභිරහස්..
මෙලොව අන් කිසිවෙක් නොදනී..
අව්වේ බැට කමින් ඇය මට සෙවන සලසන්නිය...
ඇගේ දුක් අමතක කර ඇය මා සනසන්නීය...
නමුත්..
දැන් ඇයගේ සියලු වේදනාවන්..
මා හට රිදුම් ගෙන එයි.

මා නිදැල්ලේ පියෑඹු කුරුල්ලෙක් විය..
නමුත් දැන් මට ඇය ව මුණගැසුණි...
අයාලේ යමින් සිටි මට..

අයෙක් මුණ ගැසුණි....


සීමා මායිම් වෙන්කළ ප්‍රේමය

ආදරය ඇතිවන්නේ සිත් දෙකක් අතරය.. සිත ජාති භේද නොහදුනයි.. ආගම් භේද නොහදුනයි...
ජාති භේද  හමුවේ ප්‍රේමයේ අවසානය දුටු දහස් සංඛ්‍යාත පෙම්වතුන් අතර මේ තවත් එක පෙම්වතෙකුගේ කතාවක්... එවන් පෙම්වතෙකුගේ හැගීමක්...


කැබලි කර දැමුවේ
කෙසේද මගේ හිත
හේතුවක් නොකියාම...
 
කුරිරුයිද  ඔතරම් ම..
පළමු පෙම පුද කල...
ඔබේ ඔය හදවත...

එන්න ඇවිත් ගන්න ..
මගේ අනිත් හදවතත්
කැබලි කර දමා යන්න..

එය යහපතකි මට
අළු වී දැවෙනවාට වඩා..
ඔබේ ප්‍රේමයෙන්ම..

ඔබට මතක දැයි මා නොදනිමි..
නමුත් ඒ සියලු හෝරාවන්
මට මේ දැන් මෙන් මතකය...

ඉර බැස යන එක සැන්දෑවක...
අප දෑස් එකිනෙකා හැදිනගත් ඒ දින..
මට මා අහිමි වූ ඒ මොහොත..

අහස තෙක් විහිදුණු හැගීම් සමුදාය
සුළං පහරකින් ඈතට ගෙන ගිය
ඒ අපූරු මොහොත...

මා හට කුමක් සිදුවුනේ දැයි නොදනිමි...
ඔබ කල එකම දේ වුයේ..
මා ඉදිරියෙන් යාම පමණි...

සිදුවුයේ කුමක්දැයි අකුරු කිරීමට නොතේරේ..
මා කොටස් වලට බෙදී වෙන්වී ගියා සේ දැනුනි..
ඔබ ඉවත ගිය පසු...
හදවත සොයා මා ඉබාගාතේ ඇවිද්දෙමි...

මා නව ජීවයකින් සවිමත් වුනෙමි...
ඒ ක්ෂණයෙන් යලිත් අප්‍රාණික වුනෙමි...
ඒ මන්දයත් ...
මේ හැගීම ආදරය නිසා...

වසන්තයේ උදෑසනක ...
රොන් සොයා මල් කරා ඇදෙන
 සමනලුන් මෙන්..

තැනින් තැන පාවෙමින් ...
ජල අංශු රැස්කරනා ...
යෝධ වලාකුලක් මෙන්

මා ඔබ සොයා පැමිණියෙමි...
මා ප්‍රේමියේ...
ඔබ සමනළයා දුටුවාද ?
වලාකුලේ ස්පර්ශය ලැබුවාද ?

පුංචි එකෙක් අත ගුලි කරගත්..
මුතු බෙල්ලෙකු රකිනා ලෙස...
ඔබ රැකගන්නට පෙරුම් පිරුවෙමි....

ආදරයේ වස්සානය මා වෙත රැගෙන එන්න..
ආදරයෙන් මා හා එහි සැරිසරන්න...
මා සිත් ඇඳි පෙම් ලෝකෙට පියනගන්න...
කොන්දේසි දෙකක් පමණි තිබුනේ ..
එකඟතාවයකට පැමිණීමට...
 
ඔබටද මටද නොමැති වෙනසක්...
ජාතියකට ආගමකට ..
ඇති කල හැකිද...

රත් පැහැ රුහිරු ගලන..
එකම ජීවින්...
නොවෙමුද අප......