Total Pageviews

Thursday, August 27, 2015

අයාලේ ගිය මටද අයෙක් හමුවුණි..

මගේ ජීවිතය සොයන්නාවූ
එකම නවාතැන මෙය ද ?
මගේ හදවතේ එකම පැතුම
මේ ගමනාන්තයම වන්නේ ඇයිදැයි
මට නොවැටහේ...

නැවුම් හැඟුම් මා සමීපයට පැමිණෙමින් තිබේ..
ඒ මොකක් නිසාදැයි මම නොදනිමි..
මෙහි අවසන් ඵලය මට වටහාගත නොහැක..
නව බලාපොරොත්තු මා සිතේ මෝදු වේ...
අවසානයේ යමෙක් මා පිළිගෙන ඇත..

විටෙක එය..
ආත්මයම සනසාලන කවියෙකුගේ අලංකාර කවියකි..
අයාලේ ගමන් ගත් අයෙකුට නවාතැනක් හමුවූවා මෙන්...
මටද අයෙක් හමුවුණි..
වස්සානයේ විකසිත උදෑසනක් මෙන්...
ග්‍රීස්මයේ උණුසුම් දහවලක් මෙන්...
නිදැල්ලේ සිටි මට ද..
අයෙක් මුණ ගැසුණි...
 
මා කඩා වැටෙමින් සිටියෙමි..
ඇය මට වැටෙන්නට නොදී අල්ලාගත්තාය...
අඳුරු අහස තරු එළියෙන් දීප්තිමත් වන ලෙස...
මගේ අඳුරු දිවියද...
ඇගේ හමුවීම සමග ආලෝකමත් විය...

සියලු වේදනාවන් දැන් මට අමතකය...
මා කෙරෙහි ඇයගේ බලපෑම එතරම්ය...
ජීවිතය ජීවත් වන අයුරු...
ඇය මට කියාදෙමින් සිටී..
මා හදේ වූ තුවාලය...
ඇය ප්‍රේමයෙන් සුවපත් කරමින් සිටී..

ඇගේ සිනහව මා පුබුදුවාලයි..
ඇයගේ හද සයුරේ සැගවුණ අභිරහස්..
මෙලොව අන් කිසිවෙක් නොදනී..
අව්වේ බැට කමින් ඇය මට සෙවන සලසන්නිය...
ඇගේ දුක් අමතක කර ඇය මා සනසන්නීය...
නමුත්..
දැන් ඇයගේ සියලු වේදනාවන්..
මා හට රිදුම් ගෙන එයි.

මා නිදැල්ලේ පියෑඹු කුරුල්ලෙක් විය..
නමුත් දැන් මට ඇය ව මුණගැසුණි...
අයාලේ යමින් සිටි මට..

අයෙක් මුණ ගැසුණි....


No comments:

Post a Comment